Tuesday, July 15, 2014

අම්මා සඳකි
Amma Sandaki

Download Link for Amma Sandaki.mp3

අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී...
ඒ ඉර හඳින් නුඹේ ලෝකය එළිය උනි
රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳී...
පිය සෙනෙහසට කවි ගී ලියවුණා මදී...

සි‍රුරේ දුවන්නේ මගේ ලේ නොවැ පුතුනේ...
කුසයේ නොදැරුවත් දිවි බර මම දැරුවේ...
ම‍හමෙරකට උසයි දරුපෙම හද පතුලේ....
පුදුමයි පුතුනි කිම මගේ ලේ කිරි නොවුණේ..

මවකට මුවාවී නුඹ වෙත දිවිදුන්නේ....
‍මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ...
පිය සෙනෙහස නැතිද දරුවනි අඳුනන්නේ..
අම්මාවරුන් පමණද මතු බුදුවන්නේ...

Title: Amma Sandaki
Artist: T. M. Jayaratne
Album: Unknown
Year: Unknown
Music Director: Unknown
Lyricist: Unknown

Download Link for Amma Sandaki.mp3

0 comments:

Post a Comment